දත්ත ලබා ගැනීම සඳහා අනුගමනය කල යුතු ක්‍රමවේදය
ජල සම්පත් මණ්ඩලය සතුව ඇති භූගත ජලසම්පත් වල තොරතුරු සහ දත්ත පිලිබඳ විස්තරාත්මක වගුවකින් පෙන්වා ඇත.
විස්තරාත්මක වගුව පරිශීලනය සඳහා පහතින් පිවිසෙන්න
ඒ අනුව දත්ත අයදුම්කරුවන්ගේ අවශ්‍යතාවය පදනම්ව, පිරවීම සඳහා දත්ත ඉල්ලීම්කිරීමේ අයදුම් පත්‍රයකින් යොමු කල යුතුය.
දත්ත ඉල්ලුම්කිරීමේ අයදුම්පත පහත දිගුවෙන් ලබාගන්න.
මෙම දත්ත ඉල්ලීම්කිරීමේ අයදුම් පත්‍රය මාර්ගගත ක්‍රමය යටතේ (helpdesk.wrb@outlook.com) හෝ datacenter@wrb.lk මගින් යොමු කල හැකි අතර තැපෑලෙන් එවනු ලබන්නේ නම් “නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පර්. හා සං.) ජල සම්පත් මණ්ඩලය, 488/A, නාවල පාර කොස්වත්ත, රාජගිරිය” යන ලිපිනය ඔස්සේ යොමු කල හැක.
එම යොමු කිරීම සඳහා ජල සම්පත් මණ්ඩලයේ අදාල නිලධාරී මහතෙකු විසින් ඔබව සම්බන්ධ කරගනු ලබන අතර එමගින් ඔබගේ ඉල්ලීම අනුව ඔබ වෙත මාර්ගගත ක්‍රමය ඔස්සේ හෝ තැපෑලෙන් එම ඉල්ලුම් කරනු ලැබූ දත්තයන් සහ එහි දත්ත සංඛ්‍යාව ඔබ වෙත ඇස්තමේන්තුගත මුදලත් සමඟ යොමුකෙරේ.
අදාල ගෙවීම් සිදුකල පසු ඉල්ලුම් කරනු ලබන දත්ත අයදුම්කරුගේ අවශ්‍යතාවය මත පැමිණ හෝ මාර්ගගත ක්‍රමය ඔස්සේ හෝ තැපෑලෙන් ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.
Note :- භූගත ජල විමංසන ජාලය අදාල තත්කාලීන දත්ත ඉල්ලුම් කිරීමට ප්‍රථම මූලික නිරීක්ෂණයන් (Observation) සඳහා දත්ත පුවරුවක් (Dashboard) ඔබගේ පහසුව උදෙසා ඉදිරිපත් කොට ඇත.
එම දිගුව පහතින් දක්වා ඇත
සැ.යු. :- අධ්‍යන අරමුණු සඳහා අවශ්‍යවන දත්ත ඉල්ලුම් කිරීමේදී අදාල පාඨමාලාව යටතේ සිදු කිරීමට නියමිත ව්‍යාපෘතිය හා අවශ්‍ය දත්ත පිලිබඳ එහි අධීක්ෂක (Supervisor) විසින් සහතික කරන ලද ලිපියක් ඉදිරිපත් කල යුතුය.






